Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest Updates

පා
ස්කු ප‍්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් අපේ‍්‍රල් මස 22 දින අත් අඩංගුවට ගත් නවුෆර් මවුලවි නැමැති තැනැත්තා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතුකර ඇති බව අනාවරණය වී තිබෙනවා. 

සහරාන් හෂීම් පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ බව ප‍්‍රකාශ වුවද එම සංවිධානය මෙහෙයවා ඇත්තේ ඔහු බව අනාවරණය වී ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

මේ පිළිබඳව අනාවරණය වූයේ පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දෙවන දිනටත් හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන සාක්‍ෂි ලබාදීමත් සමගයි. නවුෆර් මවුලවි නැමැත්තා  වසර 19 ක් කටාර්හි සිට මෙරටට පැමිණි අයෙකු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

සහරාන් හෂිම් මෙරට තුළද ප‍්‍රහාරයක් එල්ල කිරීමට සිය අනුගාමිකයින් අභිපේ‍්‍රරණය කරමින් සිටින බව පාස්කු ප‍්‍රහාරයට මාස 6කට පමණ පෙර තමන් එවකට ජාතික බුද්ධි ප‍්‍රධානි වෙත දැනුම් දී තිබූ බවයි ඔහු පවසන්නේ.

මාවනැල්ල බුදු පිළිම කැඞීමට සම්බන්ධ වූ පුද්ගලයින් සහරාන් හෂිම් සමග සමීප සම්බන්ධතා පැවත්වු බව අනාවරණය වීමත් සමඟ මේ බව තහවුරු වී තිබෙනවා.







තවත් පුවත්

Breaking News