Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest Updates

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය තරුණ ජීවිත ද බිලි ගැනීමට පටන් ගෙන ඇති බව  ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙතෙක් කොරෝනා වෛරසයෙන් ලොව වැඩි වශයෙන් බිලි ගත්තේ වැඩිහිටියන්.

මෙම තත්ත්වය යුරෝපා කලාපයේ  බහුල ලෙස දක්නට ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා.

ගත වු සති කිහිපය සැලකීමේදී වැඩිහිටියන්ට වඩා තරුණයින් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති රටවල්ද ඒ අතර වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ස්පාඤ්ඤය සහ ප‍්‍රංශයේ ද මෙම තත්ත්වය පවතින බව විදෙස් මාධ්‍යයන්හි සදහන්.

ස්පාඤ්ඤය තුළ යළිත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමග යුරෝපය තුළ කොරෝනා දෙවන රැල්ලක දැඩි අවදානමක් මේ වනවිට මතුව තිබෙනවා. ඒ අනුව යළිත් කොරෝනා රීති දැඩි කිරීමට රටවල් රැසක් දැනටමත් පියවර ගෙන අවසන්.

තවත් පුවත්

Breaking News